Wednesday 22 March 2017

What a Wonderful World....


“What a Wonderful World” is a song containing six instruments: the violin, the drum, the flute, the double bass, the trumpet, and the harpsi chord. All of these except the flute are played throughout the song. The flute is played at a specific time though. During the third verse of the song the flute is introduced. It is played parallel to “The colours of the rainbow so pretty in the sky” to enliven the line and is then played through the rest of the verse to put it on a happier note than the rest of the song. Alongside “And I think to myself what a wonderful world” the music goes noticeably higher. The reason is to show that the world really is a wonderful, happy place despite the disaster. The line “I see friends shaking hands saying how do you do” is accompanied by ooh ahh’s to emphasize the happy, hopeful feeling that the song as a whole is trying to tell. At the time of the original producing of the song the Vietnam War was happening, hence the inspiration for the song. The Vietnam War was a very eventful time in history, causing many deaths of not only soldiers but many innocents too. Many husbands, fathers and sons didn’t return from the war but many families and homes were completely destroyed. Many Vietnamese women also gave birth to children fathered by the soldiers. These children were considered half-casts and sent away to places like America because they were not welcomed by Vietnamese society. Some of the mothers of these children became very depressed and some went so far as to commit suicide. The effects of the war are still around today, just not on as such a major scale but the victims of the war will never forget those lost. 
Tuesday 21 March 2017

අන්දර යයේ වැව් තාවුල්ලේ ..


තුරු හිස මුදුනේ මල් ඵලදා කැකුළු මුවට ඵල වැල නෙලුවා...// ඒ දඬු මං බැද සත්කුළු පව් බිද සිදාදියට යන මං තැනුවා... කරුණාරත්න දිවුල්ගනේ විසින් ගායනා කරන ලද මනරම් පිතු සෙනෙහස මුල් කරගත්තු ගීතයක් තමයි අද මම මගේ වයලීනයෙන් වාදනය කලේ. මෙම ගීතය සියලු ලාංකිකයන්ගේ හද බන්දගත්තු ගීතයක්. ඒ දඬු මං බැද සත්කුළු පව් බිද සිදාදියට යන මං තැනු සියලු පියවරුන්ට උපහාර පිණිස වේවා!!. This song is about the fathers love which is hiding deep inside their mind. They want us to get a better life than themselves. They will clear the road and show the correct path. Don't ever forget that.

මද සිනහා මුවින් තවමත් මෙගේ අංජලිකා


මට පෙනෙන දුරින් 
මට ඇහෙන සරින් 
තවමත් ඔබ සිටී බලා 
මද සිනහා මුවින් තවමත් මෙගේ අංජලිකා 
Sunday 19 March 2017

Wassanayata Atha Wanala



වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයට කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං
මං ගාවින්ම උණුහුම නොදී //
Wednesday 15 March 2017

පෙරදා මහ රෑ...(Pera Da Maha Re)


පෙරදා මහ රෑ...(Pera Da Maha Re) ඔබහට පෙම් කළ යුගය නිමා කර වෙන් වී යන්නට දවස පැමිණ ඇත සමාව දෙන් මට සෙනෙහෙ සිතින් පෙරදා මහ රෑ... නන්දා මාලනියන් විසින් ගයනා කරන ලද මධුර ගීතය මගේ වයලීනයේ හඬින්....... You were heartbroken with your love. Your hopes melted into tears and dried on my shoulders.. Time flies. The night is almost end. Its time you to go away. I am sorry. It was a sudden moment.. i couldn't stop loving you.. but its the time now....

දේශප්‍රේමිත්වය සහ ආදරය (Kuch Na Kaho Violin Cover)


Kuch Na Kaho is a romantic Hindi song from the film 1942: A Love Story. The song was composed by R. D. Burman with lyrics by Javed Akhtar and vocals by Kumar Sanu. It was the swan song of R. D. Burman, released three months after his death. It is composed in the Dadra taal. Ronu Majumdar played the flute. Along with Ek Ladki Ko Dekha from the same movie, the song represented Kumar Sanu's peak as a singer.He also said on interveiw, this song "kuch na kaho" is used to treatment for seribral palsy patients. The song had another version, recorded by Lata Mangeshkar after RD Burman's death. This sad version was not well received by some critics. Noted film critic Raju Bharatan, who also wrote a biography of Lata Mangeshkar, remarked "we tuneful watchers agonized at the way Lata played such vocal havoc with Kuchh na kaho". Kavita Krishnamurthy had earlier recorded the sad version of the song on 15 July 1993, but her rendition was not released.

 Kuch Na Kaho Violin Cover දේශප්‍රේමිත්වය සහ ආදරය එකිනෙකා පරයමින් නැගෙන මොහොතක තනි වූ ඇය සහ ඔහු..... 1942 Love Story චිත්‍රපටයේ Kuch Na Kaho ගීතය මගේ වයලිනයේ ස්වරයෙන්....

සොඳුරිය කාලය කෙතරම් නපුරු ද (Violin Cover of the song Sonduriya)


සොඳුරිය කාලය කෙතරම් නපුරු ද (Violin Cover of the song Sonduriya" "ඒ දුක කෙතරම් මිහිරිද සොඳුරිය.." ආදරය අහිමි වූ කල දුක ද සතුටක් කරගන්නා පෙම්වතෙකුගෙන් කාලය ප්‍රථමව ඔහුගේ ආදරය අහිමි කරයි පසුව දුක ද කාලය ඔහුට අහිමි කරයි. මහා ගාන්ධර්ව කේමදාසයන් විසින් අසම සම සංගීතය ද අමරසිරි පීරිස් ශුරීන්ගේ ගායන පෞර්ශත්වයත් කැටි ව සමන්ත හේරත් රචකයාගේ පද පෙළින් අපුර්ව වූ " සොඳුරිය කාලය කෙතරම් නපුරු ද" ගීතය මගේ වයලීනයේ හඬින්. චිත්‍රය Edward Munch විසින් Love and the sorrow was taken by the time. Violin Cover of the song " Sonduriya Kalaya Ketharam Napuruda"

සදාතනික එක නොවන ආදරණීයන් දෙදෙනෙකුගේ ආදරය (Api Hangum Walata)


අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක් ... වයලීනයේ හඬින් .. සදාතනික එක නොවන ආදරණීයන් දෙදෙනෙකුගේ ආදරයට ලොවින් වෙන්ව එක මොහොතක් ලද විට දී..... අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්.. වයලිනයේ හඬින්.. 
ඔබ ඔබේ සෙවනැල්ලෙන් මිදී, මම මගේ සෙවනැල්ලෙන් මිදී,
අවුදින් හිමින් රහසින් මුමුණා 
යමු වෙන් වී හිමිදිරියේ...
Priceless moment of love... on my Violin ..

සැන්දෑ කළුවර ගීතය වයලිනයේ ස්වරයෙන්.(Sande kaluwara)


සැන්දෑ කළුවර ගීතය වයලිනයේ ස්වරයෙන්. Violin cover of the song "... වලාකුලකුදු නොමැති අහසේ මලානික වූ මගේ සිතුවිලි ගල් ගැසී ඇත පාලු වී ඇත අඳුර පමණක් රජ වෙලා.. ආදරයේ වියෝව, ප්‍රේමයෙන් එකට එක ව හිඳ සදහටම අහිමි උණු ඔහු උදෙසා නන්දා මාලනියන්ගේ මියුරු හඬින් ගැයුන "සැන්දෑ කළුවර ගීතය" වයලිනයේ ස්වරයෙන්.... Mourning of a women by Nanda Malini.

මා තොටින් එන ( Violin instrumental of the song Saroja)


මා තොටින් එන ( Violin instrumental of the song Saroja) රණ බිමේ අප වෙනුවෙන් මියෙදුනු රණ විරුවන්ට මෙය උපහාරයක්ම වේවා! කරවටින් අත දමා හිනැහුළණු කෝ නුඹේ යාළුවන් දයාවක් නැති ලෝකයක් දැක උන් ගිහින් පැන මායිමෙන් තාත්තා හීනෙන් ඇවිත් අත වනන තුරු කදවුරු දොරෙන් කාටවත් නැති දුවේ කවුරුත් නුඹ රකීවිද සෙනෙහසින්.. මහින්ද චන්ද්‍රසේකරයන්ගේ පද රචනයෙන් වීරසිංහයන්ගේ තනු නිර්මාණයෙන් දීපිකා ප්‍රියදර්ශනීගේ මියුරු හඬින් ගැයුණු සරෝජා ගීතය මගේ වයලීනයේ හඬින්... රණ බිමේ අප වෙනුවෙන් මියෙදුනු රණ විරුවන්ට මෙය උපහාරයක්ම වේවා! Once laughing together with their arms round your neck Where are those little friends now? seeing a world with no compassion They have fled across the border With your father visiting you in your dreams waving to you through the camp door My forlorn daughter will anyone protect you lovingly? Violin instrumental of the song "Saroja".

ලොවෙන් වෙන් ව තනි උන ආදරණියයන් දෙදෙනෙකු (Sanda Horen)


Sanda Horen Horen - Violin Cover (සඳ හොරෙන්) ලොවෙන් වෙන් ව තනි උන ආදරණියයන් දෙදෙනෙකුගේ ප්‍රේමය සහ හැගීම් අතර ගැටීම. කුලරත්න අරියවංශ විසින් රචිත අප අතරින් වියෝ වුනු මහා ගන්ධර්ව අමරදේවයන් ගේ හඬින් ගැයුණු විශිෂ්ට සංගීතඥ කේමදාසයන් විසින් සංගීතවත් කොට ගැයුණු "සඳ හොරෙන් හොරෙන්" ගීතය මගේ වයලිනයේ ස්වරයෙන්... The precious moment of the two lovers... Vioin Cover of the song "Sanda Horen Horen" Tribute to Maestro Amaradva and Premasiri Khemadasa.

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ (Chandra Mandale Sethapuna)


චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ... දස මසක් පෙරුම් පුරලා සියලු දුක්ගැහැට විඳ උස් මහත් කරපු තමන්ගේ රත්‍රන් පුංචි සාවීය ආදරයක් නිසා ගෙදරින් නික්ම යනවා.. දුවේ ලාබ රත්තරන් දිලිසෙන පාලු විදියේ ඉස්සරත් ගැහැණු ලමයි පියාබල ගියේ එත් උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුනේ අන්න ඒ නිසයි මට දුක රත්තරන් පුතේ... සදාකාලික ආදරය වූ දෙමවුපියන් ඔබ ගැන අවසාන වන තුරු දුක් වෙයි. පාර මතක නම් තාමත් ගේ ලගයි දුවේ... සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන මේ අපුරු ගීතය මගේ වයලිනයේ හඬින්.........

ආදරයට කොහිද බාධා නැත්තේ.. (සුනිල් වන නුවන් යුග)


Sunil Wan Nuwa Yuga (සුනිල් වන නුවන් යුග) ආදරයට කොහිද බාධා නැත්තේ.. ඒවගේම මේ දෙදෙනාගේ දෙමුපියන් ආදරයට විරුද්ධ වෙනවා.. තරුණයාගේ ඉල්ලීම දෙමුපියන්ගෙන් තමන් ආදරය කරන ඇයව තමන්ට හිමි කර දෙන ලෙසයි. "රජ දහන වැලි කතර වුව උරුම වේනම් මට ඈගේ පිළිසරණ මතු වාසනාවන් මගේ ජිවනේ ගීය ඇගේ හඬ නොවේනම් හද වෙණෙහි සත්සර සදා ගොළු වුණා දෙන්..." සෝමතිලක ජයමහ ශුරින් විසින් ගයන කරන සුනිල් වන නුවන් යුග මධුර ගීතය මගේ වයලිනයේ හඬින්.. Love has no bounds. Only few of them will achieve their first dream of love. Most of us are experienced with this story. The parents were disagreed to the unconditional love between this boy and girl. sans her he is none....

උන්මාද සිතුවම් මැවේ බිඳේ (Unmada Sithuwam)


උන්මාද සිතුවම් මැවේ බිඳේ (Unmada Sithuwam) අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ පාළු හුදකලා සුළග පමනි උරුමේ හඩා වැටෙන සිත සදා සරණ මට තනිවේවි එක්ටැම් ගේ... අපි සැවොම ආදරය කල ඒ අමරණීය හඬින් ගැයුණු ගීතය මගේ වයලිනයෙන්.... "The mourn of a lover". One of the famous song in Sri Lanka, voiced by Gunadasa Kapuge, Lyrics - Sunil Ariyarathne , Music - Sarath Dassanayake

ජීවන විල මැද (Jiwana Vila Meda)


ජීවන විල මැද වැජඹෙන කැකුලකි රූබර වූ යුවතී...�ජිවිතයේ එක සංදිස්ථානයක අතරමං වුනු ඇය අපට අද සමාජයේ හමුවන ඇය ගැන ලියවුණු සුන්දර ගීතයක්. ලහිරු රැසින් අලංකාරව පියුම මුළු විලම සුන්දර කරමින් සිටින විට එම අලංකාර පියුමෙන් රොන් බී මත උන බඹරෙකු මෙතෙක් කල් කියමින් සිටි මියුරු ගී නවතා පියුමෙහි හද රිදවා යන්නට යනවා.. ඔහු නැවත එන බවක් පෙනෙන්නට නැහැ මේ අතර ආ මට කෑමක් ආ මට කෑමක් තවකෙක් බඳිති සෙනේ...... රූපයට වසඟව ආදරය මායාවකින් පෙන්වා රවටා සමාජයේ ගොදුරු බවට පත්කර වූ ඇය ගැන කරුණාසේන ජයලත් විසින් රචිත අතිවිෂ්ඨ සංගීතඥ වයලින් වාදක රොක්සාමි මාස්ටර් විසින් තනුව සැකසු එදා මෙදා තුර ලක් අඹරට පෑයූ අමිල ස්වරය සුජාතා අත්තනයකයන් විසින් ගයනා කරන ගීතය මගේ වයලීනයේ හඬින්.....
This song is about her.. who is being a victim of lust, deception, sex. After all, she is alone and no one is there to help her with a good intension. All is about the sex. When will this end....?

ඔබ සැමදා මගේ හදේ සඟවන්නට අවැසිය.. (Bolna Mahi Bolna Violin Cover)




ඔබ සැමදා මගේ හදේ සඟවන්නට අවැසිය.. I want to hide you in my heart and not open that after that. even after dying, I’d not go away from you.. say, my beloved, please say. Violin Instrumental of the song Bolna Mahi Bolna.
Monday 13 March 2017

ගිමන් හරින දියඹ ගීතය වයලීනයෙන් ...

හෙළ සංගීතයේ ගාන්දර්වයගේ නවතම ගීතය පිළිබද මගේ Blog පිටුවේ ලියන්නට අවසරය්. පණ්ඩිත අමරදේවයන්ගේ ගීත සියල්ලටම මම ගොඩාක් ආදරය කරනවා, මන්ද ඒ සැම ගීතයකම ජීවිතයේ එක් එක් පරිචේදයන් ගැන ඉතා විචිත්‍ර ලෙස කියවෙන බැවින්. මේ ගීතයේ ඇතුලත තේරුම දෙවිදියාකාරයෙන් මගේ හදවත ස්පර්ශ කරනවා. එක තේරුමක් යොවුන් ප්‍රේමයක විරහව මහලු කාලයේ දැනෙන විදිහ ගැන කියවෙනවා. දෙවන තේරුම, ජීවිතයේ අපිට ගෙවන්න වෙන කම් කටොලු එක්ක ආදරය සෙමෙන් සෙමෙන් වියකි යන ආකාරය කියවෙන බවය් මගේ හැගීම. ගිමන් හරින දියඹ දිගේ,,, සුසුම් හෙලන වෙරළ ඉමේ,,, බැස යන හිරු අඩසි සඳට,,, රහස් කියනවා,,,,,, සඳ ආදරයෙන් අහස පුරා,,,, ර‍ටා මවනවා,,,,,,, මා පවුද්ගලිකව දන්නා දෙයක් තමා, අපි හැමෝම ආසය් තමන්ගේ පෙම්වතියගේ අතින් අල්ලාගෙන මුහුදු රැල්ල පාගන්න. මේ මහා මුහුද අපේ ජීවිත වල ගොඩාක් රහස් දන්නවා. 

එක්තරා අපුරු කරුණක් තමා, අපි ආදරය විදින්න යන්නෙත් මුහුදු වෙරළට, විරහව විදින්න යන්නෙත් මුහුදු වෙරළට. ඒ තරමටම මේ මහා මුහුද අපේ ජීවිත වලට සම්බන්දය්. මේ ගීතයේ පළමු කොටසින් කියවෙන විදිහට, මේ පෙම්වතා සහ පෙම්වතිය, තමන් තරුණ කලේ, මුහුදු වෙරළේ ඉඳන් ආදරය විදින්න ඇති. නමුත් මොනයම් හේතුවක් නිසා හෝ, දෙදෙනාට එකතු වෙන්න බැරි වෙලා තියනව.(පෙම්වතිය අකාලයේ මියගිහින් වෙන්න පුළුවන්.) දැන් මේ දෙදෙනා වයසට ගිහින්. දැන් ඒ පෙම්වතා මුහුදු වෙරළට ගියාම, ඔහුට ඔහුගේ අතීතය සිහි වෙනවා. එදා නව යොවුන් වියේ සිටි ඔහු අද මහල්ලෙක්. එදා පෙම් කරන්නට මුහුදු වෙරළට පැමිණි ඔහු, අද ජීවිතයේ සැන්දේ සමයේ ගිමන් හරින්නට වෙරළේට පැමිනිල. 

හිරු බැසයන විට මැවෙන ඒ සුන්දර පරිසරය අද ඔහුට පෙර දිනයේ සිද්දි දාමයක් නැවත සිහිපත් කරනවා. ඒ ඔහුට නැතිඋනු ආදරය, ඔහුගේ හිතට අපහු මතක් කරලා දෙන්න ඒ සුන්දර පරිසරය සමත් වෙනවා. හිත් දැහැනේ වේලි තිබුණු,,, නෙත් දැහැනේ ගලා හැලුණු,,, මියැදෙන්නට බලා ඉඳපු,,, ආදරයද මේ,,,,,, හිරු රහසේ කියා දුන්නු,,, ආදරයද මේ,,,, අද මහල්ලෙක් ලෙස ජීවත් වන මොහුට, ඔහුගේ නැතිඋනු ආදරය ගැන දුකක් හිතේ ඇති වෙලා නැහැ. ඔහු ඒ දිහා බලන්නේ උපේක්ෂාවෙන්. ඔහුට මතක් වෙනවා, ඔහුගේ හිතේ කෙතරම් ගැඹුරටම ඒ ආදරය පැතිරිලා තිබුනද කියල., ඒ ආදරය නැති උණු වෙලාවේ මුහුද දිහා බලන් කදුළු හෙලපු ආකාරය, ආපහු ඒ ආදරය ලැබෙන්නේ නැ කියල, ඒ ආදරය හිතෙන නැති වෙලා යය කියල තමන් විශ්වාස කරපු. ඒ ආදරය ආපහු මොහුට මතක් වෙනවා. හැබැය් එදා ඔහු ආදරය දිහා බලපු විදිහට නෙවේ අද ඔහු ආදරය දිහා බලන්නේ. ඔහුට විශ්වාස නැ, ඔහු ඒ අමතක කරපු ආදරයද මේ අපහු ඔහුට මතකයට එන්නේ කියල. නිල් කටරොළු නිල නැහැවුනු,,, මල් බර මුදු සුව ‍රැඳවුන,,, තොල් පෙති කන් පලදාලන,,, ආදරයද මේ,,,,,, නුඹ රහසේ කියාදුන්නු,,, ආදරයද මේ,,,,,, මේ කොටසින් ආදරයේ විසිතුරු බව මෙන්ම පෙම්වතියට පොඩි දෝෂාරෝපනයකුත් එල්ල කරනවා. මලක් වගේ , සියුමැලි මෙන්ම සුවදවත්ව ඔහුට දැනුන ආදරය අද ඔහු ළඟ නැ. ඇයගේ තොල් පෙති ඔහුගේ කන්මුල රන්දුනු ආකාරය ඔහුට මතක් වෙනවා. මට හිතෙන විදිහට ඔහුට මතක් වෙන්නේ ඔහුගේ පළමු ආදරය. එකය් ඔහු "නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ" කියල අහන්නේ. ඔබමය් මට ආදරය කියල දුන්නේ, එත් අද ඔබ මගේ ළඟ නැ.
Wednesday 1 March 2017

ඔබ හා සමඟ ගත කල ඒ සොඳුරු නිමේශ. (Violin Cover of the song Pudhu Vellai Mazhai/Yeh Haseen Vadiya)




මනිරත්නම් සොඳුරු නිර්මාණවේදියාගේ අග්‍රගන්‍ය සිනමා නිර්මාණයක් වන රෝජා චිත්‍රපටයේ යේ හසී වාදියා ගීතය මගේ වයලීනයේ හඬින්. මෙම නිර්මාණය සඳහා මනිරත්නම් හට සත්‍ය වශයෙන් සිදු උන සිද්ධියක් මුල් වී ඇත. කාශ්මීරයේ ශ්‍රිනගර් වෙත ගිය ඉංජිනේරුවෙකු ත්‍රස්තවාදීන් විසින් පැහැර ගන්නා ලදී එහිදී ඔහුගේ බිරිඳ ත්‍ත්‍රස්තවාදීන් හට ලිපියක් ලියමින් පවසා සිටින්නේ ඔහුව නිදහස් කරන ලෙසයි. මේ සංසිද්ධිය මුල් වී මනිරත්නම් විසින් මේ චිත්‍රපටය මනරම්ව ප්‍රබලව නිර්මාණය කොට ඇත. තම විවාහ ජිවිතයහි ආරම්භයේම තම සැමියා පැහැර ගන්නා ලද අය ඔහු සමඟ ගත කල ඒ සොඳුරු නිමේශ මෙලෙසින් විදහා පා ඇත. 
If you are a river i ll be the sea if you are a bird i ll be the sky. 
Pudhu Vellai Mazhai song from the movie Roja . The inspiration for Roja came to Mani Ratnam from a real-life incident reported; an engineer was kidnapped when he had gone on a project to Srinagar, Kashmir, and his wife was fighting for his release. She had written an open letter to the terrorist, which says to a large extent, what Roja says in the film to Wasim Khan in jail. Her appeal was to the goodness of the terrorist. According to Ratnam, it was her plight that the film was based on. The rest of the screenplay in Roja was just building up towards this jail scene. This is the violin cover of the song Pudhu Vellai Mazhai/ Yeh Hassin Vadiya..
 
;