Monday 13 March 2017

ගිමන් හරින දියඹ ගීතය වයලීනයෙන් ...

හෙළ සංගීතයේ ගාන්දර්වයගේ නවතම ගීතය පිළිබද මගේ Blog පිටුවේ ලියන්නට අවසරය්. පණ්ඩිත අමරදේවයන්ගේ ගීත සියල්ලටම මම ගොඩාක් ආදරය කරනවා, මන්ද ඒ සැම ගීතයකම ජීවිතයේ එක් එක් පරිචේදයන් ගැන ඉතා විචිත්‍ර ලෙස කියවෙන බැවින්. මේ ගීතයේ ඇතුලත තේරුම දෙවිදියාකාරයෙන් මගේ හදවත ස්පර්ශ කරනවා. එක තේරුමක් යොවුන් ප්‍රේමයක විරහව මහලු කාලයේ දැනෙන විදිහ ගැන කියවෙනවා. දෙවන තේරුම, ජීවිතයේ අපිට ගෙවන්න වෙන කම් කටොලු එක්ක ආදරය සෙමෙන් සෙමෙන් වියකි යන ආකාරය කියවෙන බවය් මගේ හැගීම. ගිමන් හරින දියඹ දිගේ,,, සුසුම් හෙලන වෙරළ ඉමේ,,, බැස යන හිරු අඩසි සඳට,,, රහස් කියනවා,,,,,, සඳ ආදරයෙන් අහස පුරා,,,, ර‍ටා මවනවා,,,,,,, මා පවුද්ගලිකව දන්නා දෙයක් තමා, අපි හැමෝම ආසය් තමන්ගේ පෙම්වතියගේ අතින් අල්ලාගෙන මුහුදු රැල්ල පාගන්න. මේ මහා මුහුද අපේ ජීවිත වල ගොඩාක් රහස් දන්නවා. 

එක්තරා අපුරු කරුණක් තමා, අපි ආදරය විදින්න යන්නෙත් මුහුදු වෙරළට, විරහව විදින්න යන්නෙත් මුහුදු වෙරළට. ඒ තරමටම මේ මහා මුහුද අපේ ජීවිත වලට සම්බන්දය්. මේ ගීතයේ පළමු කොටසින් කියවෙන විදිහට, මේ පෙම්වතා සහ පෙම්වතිය, තමන් තරුණ කලේ, මුහුදු වෙරළේ ඉඳන් ආදරය විදින්න ඇති. නමුත් මොනයම් හේතුවක් නිසා හෝ, දෙදෙනාට එකතු වෙන්න බැරි වෙලා තියනව.(පෙම්වතිය අකාලයේ මියගිහින් වෙන්න පුළුවන්.) දැන් මේ දෙදෙනා වයසට ගිහින්. දැන් ඒ පෙම්වතා මුහුදු වෙරළට ගියාම, ඔහුට ඔහුගේ අතීතය සිහි වෙනවා. එදා නව යොවුන් වියේ සිටි ඔහු අද මහල්ලෙක්. එදා පෙම් කරන්නට මුහුදු වෙරළට පැමිණි ඔහු, අද ජීවිතයේ සැන්දේ සමයේ ගිමන් හරින්නට වෙරළේට පැමිනිල. 

හිරු බැසයන විට මැවෙන ඒ සුන්දර පරිසරය අද ඔහුට පෙර දිනයේ සිද්දි දාමයක් නැවත සිහිපත් කරනවා. ඒ ඔහුට නැතිඋනු ආදරය, ඔහුගේ හිතට අපහු මතක් කරලා දෙන්න ඒ සුන්දර පරිසරය සමත් වෙනවා. හිත් දැහැනේ වේලි තිබුණු,,, නෙත් දැහැනේ ගලා හැලුණු,,, මියැදෙන්නට බලා ඉඳපු,,, ආදරයද මේ,,,,,, හිරු රහසේ කියා දුන්නු,,, ආදරයද මේ,,,, අද මහල්ලෙක් ලෙස ජීවත් වන මොහුට, ඔහුගේ නැතිඋනු ආදරය ගැන දුකක් හිතේ ඇති වෙලා නැහැ. ඔහු ඒ දිහා බලන්නේ උපේක්ෂාවෙන්. ඔහුට මතක් වෙනවා, ඔහුගේ හිතේ කෙතරම් ගැඹුරටම ඒ ආදරය පැතිරිලා තිබුනද කියල., ඒ ආදරය නැති උණු වෙලාවේ මුහුද දිහා බලන් කදුළු හෙලපු ආකාරය, ආපහු ඒ ආදරය ලැබෙන්නේ නැ කියල, ඒ ආදරය හිතෙන නැති වෙලා යය කියල තමන් විශ්වාස කරපු. ඒ ආදරය ආපහු මොහුට මතක් වෙනවා. හැබැය් එදා ඔහු ආදරය දිහා බලපු විදිහට නෙවේ අද ඔහු ආදරය දිහා බලන්නේ. ඔහුට විශ්වාස නැ, ඔහු ඒ අමතක කරපු ආදරයද මේ අපහු ඔහුට මතකයට එන්නේ කියල. නිල් කටරොළු නිල නැහැවුනු,,, මල් බර මුදු සුව ‍රැඳවුන,,, තොල් පෙති කන් පලදාලන,,, ආදරයද මේ,,,,,, නුඹ රහසේ කියාදුන්නු,,, ආදරයද මේ,,,,,, මේ කොටසින් ආදරයේ විසිතුරු බව මෙන්ම පෙම්වතියට පොඩි දෝෂාරෝපනයකුත් එල්ල කරනවා. මලක් වගේ , සියුමැලි මෙන්ම සුවදවත්ව ඔහුට දැනුන ආදරය අද ඔහු ළඟ නැ. ඇයගේ තොල් පෙති ඔහුගේ කන්මුල රන්දුනු ආකාරය ඔහුට මතක් වෙනවා. මට හිතෙන විදිහට ඔහුට මතක් වෙන්නේ ඔහුගේ පළමු ආදරය. එකය් ඔහු "නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ" කියල අහන්නේ. ඔබමය් මට ආදරය කියල දුන්නේ, එත් අද ඔබ මගේ ළඟ නැ.
 
;