තුරු හිස මුදුනේ මල් ඵලදා
කැකුළු මුවට ඵල වැල නෙලුවා...//
ඒ දඬු මං බැද සත්කුළු පව් බිද
සිදාදියට යන මං තැනුවා...
කරුණාරත්න දිවුල්ගනේ විසින් ගායනා කරන ලද මනරම් පිතු සෙනෙහස මුල් කරගත්තු ගීතයක් තමයි අද මම මගේ වයලීනයෙන් වාදනය කලේ. මෙම ගීතය සියලු ලාංකිකයන්ගේ හද බන්දගත්තු ගීතයක්.
ඒ දඬු මං බැද සත්කුළු පව් බිද සිදාදියට යන මං තැනු සියලු පියවරුන්ට උපහාර පිණිස වේවා!!.
This song is about the fathers love which is hiding deep inside their mind. They want us to get a better life than themselves. They will clear the road and show the correct path. Don't ever forget that.
Showing posts with label Sinhala. Show all posts
Showing posts with label Sinhala. Show all posts
පෙරදා මහ රෑ...(Pera Da Maha Re)
ඔබහට පෙම් කළ යුගය නිමා කර
වෙන් වී යන්නට දවස පැමිණ ඇත
සමාව දෙන් මට සෙනෙහෙ සිතින්
පෙරදා මහ රෑ...
නන්දා මාලනියන් විසින් ගයනා කරන ලද මධුර ගීතය මගේ වයලීනයේ හඬින්.......
You were heartbroken with your love. Your hopes melted into tears and dried on my shoulders..
Time flies. The night is almost end. Its time you to go away. I am sorry.
It was a sudden moment.. i couldn't stop loving you.. but its the time now....
සොඳුරිය කාලය කෙතරම් නපුරු ද (Violin Cover of the song Sonduriya"
"ඒ දුක කෙතරම් මිහිරිද සොඳුරිය.." ආදරය අහිමි වූ කල දුක ද සතුටක් කරගන්නා පෙම්වතෙකුගෙන් කාලය ප්‍රථමව ඔහුගේ ආදරය අහිමි කරයි පසුව දුක ද කාලය ඔහුට අහිමි කරයි. මහා ගාන්ධර්ව කේමදාසයන් විසින් අසම සම සංගීතය ද අමරසිරි පීරිස් ශුරීන්ගේ ගායන පෞර්ශත්වයත් කැටි ව සමන්ත හේරත් රචකයාගේ පද පෙළින් අපුර්ව වූ " සොඳුරිය කාලය කෙතරම් නපුරු ද" ගීතය මගේ වයලීනයේ හඬින්. චිත්‍රය Edward Munch විසින්
Love and the sorrow was taken by the time. Violin Cover of the song " Sonduriya Kalaya Ketharam Napuruda"
අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක් ... වයලීනයේ හඬින් ..
සදාතනික එක නොවන ආදරණීයන් දෙදෙනෙකුගේ ආදරයට ලොවින් වෙන්ව එක මොහොතක් ලද විට දී..... අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක්.. වයලිනයේ හඬින්..
ඔබ ඔබේ සෙවනැල්ලෙන් මිදී, මම මගේ සෙවනැල්ලෙන් මිදී,
අවුදින් හිමින් රහසින් මුමුණා
යමු වෙන් වී හිමිදිරියේ...
Priceless moment of love... on my Violin ..
සැන්දෑ කළුවර ගීතය වයලිනයේ ස්වරයෙන්. Violin cover of the song "...
වලාකුලකුදු නොමැති අහසේ මලානික වූ මගේ සිතුවිලි ගල් ගැසී ඇත පාලු වී ඇත අඳුර පමණක් රජ වෙලා.. ආදරයේ වියෝව, ප්‍රේමයෙන් එකට එක ව හිඳ සදහටම අහිමි උණු ඔහු උදෙසා නන්දා මාලනියන්ගේ මියුරු හඬින් ගැයුන "සැන්දෑ කළුවර ගීතය" වයලිනයේ ස්වරයෙන්....
Mourning of a women by Nanda Malini.
මා තොටින් එන ( Violin instrumental of the song Saroja)
රණ බිමේ අප වෙනුවෙන් මියෙදුනු රණ විරුවන්ට මෙය උපහාරයක්ම වේවා!
කරවටින් අත දමා හිනැහුළණු කෝ නුඹේ යාළුවන්
දයාවක් නැති ලෝකයක් දැක උන් ගිහින් පැන මායිමෙන්
තාත්තා හීනෙන් ඇවිත් අත වනන තුරු කදවුරු දොරෙන්
කාටවත් නැති දුවේ කවුරුත් නුඹ රකීවිද සෙනෙහසින්..
මහින්ද චන්ද්‍රසේකරයන්ගේ පද රචනයෙන් වීරසිංහයන්ගේ තනු නිර්මාණයෙන් දීපිකා ප්‍රියදර්ශනීගේ මියුරු හඬින් ගැයුණු සරෝජා ගීතය මගේ වයලීනයේ හඬින්... රණ බිමේ අප වෙනුවෙන් මියෙදුනු රණ විරුවන්ට මෙය උපහාරයක්ම වේවා!
Once laughing together with their arms round your neck
Where are those little friends now?
seeing a world with no compassion
They have fled across the border
With your father visiting you in your dreams
waving to you through the camp door
My forlorn daughter will anyone protect you lovingly?
Violin instrumental of the song "Saroja".
Sanda Horen Horen - Violin Cover (සඳ හොරෙන්)
ලොවෙන් වෙන් ව තනි උන ආදරණියයන් දෙදෙනෙකුගේ ප්‍රේමය සහ හැගීම් අතර ගැටීම. කුලරත්න අරියවංශ විසින් රචිත අප අතරින් වියෝ වුනු මහා ගන්ධර්ව අමරදේවයන් ගේ හඬින් ගැයුණු විශිෂ්ට සංගීතඥ කේමදාසයන් විසින් සංගීතවත් කොට ගැයුණු "සඳ හොරෙන් හොරෙන්" ගීතය මගේ වයලිනයේ ස්වරයෙන්...
The precious moment of the two lovers... Vioin Cover of the song "Sanda Horen Horen"
Tribute to Maestro Amaradva and Premasiri Khemadasa.
චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ... දස මසක් පෙරුම් පුරලා සියලු දුක්ගැහැට විඳ උස් මහත් කරපු තමන්ගේ රත්‍රන් පුංචි සාවීය ආදරයක් නිසා ගෙදරින් නික්ම යනවා.. දුවේ ලාබ රත්තරන් දිලිසෙන පාලු විදියේ ඉස්සරත් ගැහැණු ලමයි පියාබල ගියේ එත් උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුනේ අන්න ඒ නිසයි මට දුක රත්තරන් පුතේ... සදාකාලික ආදරය වූ දෙමවුපියන් ඔබ ගැන අවසාන වන තුරු දුක් වෙයි. පාර මතක නම් තාමත් ගේ ලගයි දුවේ... සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන මේ අපුරු ගීතය මගේ වයලිනයේ හඬින්.........
Sunil Wan Nuwa Yuga (සුනිල් වන නුවන් යුග)
ආදරයට කොහිද බාධා නැත්තේ.. ඒවගේම මේ දෙදෙනාගේ දෙමුපියන් ආදරයට විරුද්ධ වෙනවා.. තරුණයාගේ ඉල්ලීම දෙමුපියන්ගෙන් තමන් ආදරය කරන ඇයව තමන්ට හිමි කර දෙන ලෙසයි.
"රජ දහන වැලි කතර වුව උරුම වේනම් මට ඈගේ පිළිසරණ මතු වාසනාවන්
මගේ ජිවනේ ගීය ඇගේ හඬ නොවේනම් හද වෙණෙහි සත්සර සදා ගොළු වුණා දෙන්..."
සෝමතිලක ජයමහ ශුරින් විසින් ගයන කරන සුනිල් වන නුවන් යුග මධුර ගීතය මගේ වයලිනයේ හඬින්.. Love has no bounds. Only few of them will achieve their first dream of love. Most of us are experienced with this story. The parents were disagreed to the unconditional love between this boy and girl. sans her he is none....
උන්මාද සිතුවම් මැවේ බිඳේ (Unmada Sithuwam)
අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදකලා සුළග පමනි උරුමේ
හඩා වැටෙන සිත සදා සරණ මට
තනිවේවි එක්ටැම් ගේ...
අපි සැවොම ආදරය කල ඒ අමරණීය හඬින් ගැයුණු ගීතය මගේ වයලිනයෙන්....
"The mourn of a lover". One of the famous song in Sri Lanka, voiced by Gunadasa Kapuge, Lyrics - Sunil Ariyarathne , Music - Sarath Dassanayake
ජීවන විල මැද වැජඹෙන කැකුලකි රූබර වූ යුවතී...�ජිවිතයේ එක සංදිස්ථානයක අතරමං වුනු ඇය අපට අද සමාජයේ හමුවන ඇය ගැන ලියවුණු සුන්දර ගීතයක්. ලහිරු රැසින් අලංකාරව පියුම මුළු විලම සුන්දර කරමින් සිටින විට එම අලංකාර පියුමෙන් රොන් බී මත උන බඹරෙකු මෙතෙක් කල් කියමින් සිටි මියුරු ගී නවතා පියුමෙහි හද රිදවා යන්නට යනවා.. ඔහු නැවත එන බවක් පෙනෙන්නට නැහැ මේ අතර ආ මට කෑමක් ආ මට කෑමක් තවකෙක් බඳිති සෙනේ...... රූපයට වසඟව ආදරය මායාවකින් පෙන්වා රවටා සමාජයේ ගොදුරු බවට පත්කර වූ ඇය ගැන කරුණාසේන ජයලත් විසින් රචිත අතිවිෂ්ඨ සංගීතඥ වයලින් වාදක රොක්සාමි මාස්ටර් විසින් තනුව සැකසු එදා මෙදා තුර ලක් අඹරට පෑයූ අමිල ස්වරය සුජාතා අත්තනයකයන් විසින් ගයනා කරන ගීතය මගේ වයලීනයේ හඬින්.....
This song is about her.. who is being a victim of lust, deception, sex. After all, she is alone and no one is there to help her with a good intension. All is about the sex. When will this end....?
හෙළ සංගීතයේ ගාන්දර්වයගේ නවතම ගීතය පිළිබද මගේ Blog පිටුවේ ලියන්නට අවසරය්.
පණ්ඩිත අමරදේවයන්ගේ ගීත සියල්ලටම මම ගොඩාක් ආදරය කරනවා, මන්ද ඒ සැම ගීතයකම ජීවිතයේ එක් එක් පරිචේදයන් ගැන ඉතා විචිත්‍ර ලෙස කියවෙන බැවින්.
මේ ගීතයේ ඇතුලත තේරුම දෙවිදියාකාරයෙන් මගේ හදවත ස්පර්ශ කරනවා. එක තේරුමක් යොවුන් ප්‍රේමයක විරහව මහලු කාලයේ දැනෙන විදිහ ගැන කියවෙනවා. දෙවන තේරුම, ජීවිතයේ අපිට ගෙවන්න වෙන කම් කටොලු එක්ක ආදරය සෙමෙන් සෙමෙන් වියකි යන ආකාරය කියවෙන බවය් මගේ හැගීම.
ගිමන් හරින දියඹ දිගේ,,,
සුසුම් හෙලන වෙරළ ඉමේ,,,
බැස යන හිරු අඩසි සඳට,,,
රහස් කියනවා,,,,,,
සඳ ආදරයෙන් අහස පුරා,,,,
රටා මවනවා,,,,,,,
මා පවුද්ගලිකව දන්නා දෙයක් තමා, අපි හැමෝම ආසය් තමන්ගේ පෙම්වතියගේ අතින් අල්ලාගෙන මුහුදු රැල්ල පාගන්න. මේ මහා මුහුද අපේ ජීවිත වල ගොඩාක් රහස් දන්නවා.
එක්තරා අපුරු කරුණක් තමා, අපි ආදරය විදින්න යන්නෙත් මුහුදු වෙරළට, විරහව විදින්න යන්නෙත් මුහුදු වෙරළට. ඒ තරමටම මේ මහා මුහුද අපේ ජීවිත වලට සම්බන්දය්.
මේ ගීතයේ පළමු කොටසින් කියවෙන විදිහට, මේ පෙම්වතා සහ පෙම්වතිය, තමන් තරුණ කලේ, මුහුදු වෙරළේ ඉඳන් ආදරය විදින්න ඇති. නමුත් මොනයම් හේතුවක් නිසා හෝ, දෙදෙනාට එකතු වෙන්න බැරි වෙලා තියනව.(පෙම්වතිය අකාලයේ මියගිහින් වෙන්න පුළුවන්.) දැන් මේ දෙදෙනා වයසට ගිහින්. දැන් ඒ පෙම්වතා මුහුදු වෙරළට ගියාම, ඔහුට ඔහුගේ අතීතය සිහි වෙනවා. එදා නව යොවුන් වියේ සිටි ඔහු අද මහල්ලෙක්. එදා පෙම් කරන්නට මුහුදු වෙරළට පැමිණි ඔහු, අද ජීවිතයේ සැන්දේ සමයේ ගිමන් හරින්නට වෙරළේට පැමිනිල.
හිරු බැසයන විට මැවෙන ඒ සුන්දර පරිසරය අද ඔහුට පෙර දිනයේ සිද්දි දාමයක් නැවත සිහිපත් කරනවා. ඒ ඔහුට නැතිඋනු ආදරය, ඔහුගේ හිතට අපහු මතක් කරලා දෙන්න ඒ සුන්දර පරිසරය සමත් වෙනවා.
හිත් දැහැනේ වේලි තිබුණු,,,
නෙත් දැහැනේ ගලා හැලුණු,,,
මියැදෙන්නට බලා ඉඳපු,,,
ආදරයද මේ,,,,,,
හිරු රහසේ කියා දුන්නු,,,
ආදරයද මේ,,,,
අද මහල්ලෙක් ලෙස ජීවත් වන මොහුට, ඔහුගේ නැතිඋනු ආදරය ගැන දුකක් හිතේ ඇති වෙලා නැහැ. ඔහු ඒ දිහා බලන්නේ උපේක්ෂාවෙන්. ඔහුට මතක් වෙනවා, ඔහුගේ හිතේ කෙතරම් ගැඹුරටම ඒ ආදරය පැතිරිලා තිබුනද කියල., ඒ ආදරය නැති උණු වෙලාවේ මුහුද දිහා බලන් කදුළු හෙලපු ආකාරය, ආපහු ඒ ආදරය ලැබෙන්නේ නැ කියල, ඒ ආදරය හිතෙන නැති වෙලා යය කියල තමන් විශ්වාස කරපු. ඒ ආදරය ආපහු මොහුට මතක් වෙනවා.
හැබැය් එදා ඔහු ආදරය දිහා බලපු විදිහට නෙවේ අද ඔහු ආදරය දිහා බලන්නේ. ඔහුට විශ්වාස නැ, ඔහු ඒ අමතක කරපු ආදරයද මේ අපහු ඔහුට මතකයට එන්නේ කියල.
නිල් කටරොළු නිල නැහැවුනු,,,
මල් බර මුදු සුව රැඳවුන,,,
තොල් පෙති කන් පලදාලන,,,
ආදරයද මේ,,,,,,
නුඹ රහසේ කියාදුන්නු,,,
ආදරයද මේ,,,,,,
මේ කොටසින් ආදරයේ විසිතුරු බව මෙන්ම පෙම්වතියට පොඩි දෝෂාරෝපනයකුත් එල්ල කරනවා.
මලක් වගේ , සියුමැලි මෙන්ම සුවදවත්ව ඔහුට දැනුන ආදරය අද ඔහු ළඟ නැ. ඇයගේ තොල් පෙති ඔහුගේ කන්මුල රන්දුනු ආකාරය ඔහුට මතක් වෙනවා. මට හිතෙන විදිහට ඔහුට මතක් වෙන්නේ ඔහුගේ පළමු ආදරය. එකය් ඔහු "නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ" කියල අහන්නේ.
ඔබමය් මට ආදරය කියල දුන්නේ, එත් අද ඔබ මගේ ළඟ නැ.
Subscribe to:
Posts (Atom)