Wednesday, 15 March 2017

උන්මාද සිතුවම් මැවේ බිඳේ (Unmada Sithuwam)


උන්මාද සිතුවම් මැවේ බිඳේ (Unmada Sithuwam) අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ පාළු හුදකලා සුළග පමනි උරුමේ හඩා වැටෙන සිත සදා සරණ මට තනිවේවි එක්ටැම් ගේ... අපි සැවොම ආදරය කල ඒ අමරණීය හඬින් ගැයුණු ගීතය මගේ වයලිනයෙන්.... "The mourn of a lover". One of the famous song in Sri Lanka, voiced by Gunadasa Kapuge, Lyrics - Sunil Ariyarathne , Music - Sarath Dassanayake

ජීවන විල මැද (Jiwana Vila Meda)


ජීවන විල මැද වැජඹෙන කැකුලකි රූබර වූ යුවතී...�ජිවිතයේ එක සංදිස්ථානයක අතරමං වුනු ඇය අපට අද සමාජයේ හමුවන ඇය ගැන ලියවුණු සුන්දර ගීතයක්. ලහිරු රැසින් අලංකාරව පියුම මුළු විලම සුන්දර කරමින් සිටින විට එම අලංකාර පියුමෙන් රොන් බී මත උන බඹරෙකු මෙතෙක් කල් කියමින් සිටි මියුරු ගී නවතා පියුමෙහි හද රිදවා යන්නට යනවා.. ඔහු නැවත එන බවක් පෙනෙන්නට නැහැ මේ අතර ආ මට කෑමක් ආ මට කෑමක් තවකෙක් බඳිති සෙනේ...... රූපයට වසඟව ආදරය මායාවකින් පෙන්වා රවටා සමාජයේ ගොදුරු බවට පත්කර වූ ඇය ගැන කරුණාසේන ජයලත් විසින් රචිත අතිවිෂ්ඨ සංගීතඥ වයලින් වාදක රොක්සාමි මාස්ටර් විසින් තනුව සැකසු එදා මෙදා තුර ලක් අඹරට පෑයූ අමිල ස්වරය සුජාතා අත්තනයකයන් විසින් ගයනා කරන ගීතය මගේ වයලීනයේ හඬින්.....
This song is about her.. who is being a victim of lust, deception, sex. After all, she is alone and no one is there to help her with a good intension. All is about the sex. When will this end....?

ඔබ සැමදා මගේ හදේ සඟවන්නට අවැසිය.. (Bolna Mahi Bolna Violin Cover)




ඔබ සැමදා මගේ හදේ සඟවන්නට අවැසිය.. I want to hide you in my heart and not open that after that. even after dying, I’d not go away from you.. say, my beloved, please say. Violin Instrumental of the song Bolna Mahi Bolna.
Monday, 13 March 2017

ගිමන් හරින දියඹ ගීතය වයලීනයෙන් ...

හෙළ සංගීතයේ ගාන්දර්වයගේ නවතම ගීතය පිළිබද මගේ Blog පිටුවේ ලියන්නට අවසරය්. පණ්ඩිත අමරදේවයන්ගේ ගීත සියල්ලටම මම ගොඩාක් ආදරය කරනවා, මන්ද ඒ සැම ගීතයකම ජීවිතයේ එක් එක් පරිචේදයන් ගැන ඉතා විචිත්‍ර ලෙස කියවෙන බැවින්. මේ ගීතයේ ඇතුලත තේරුම දෙවිදියාකාරයෙන් මගේ හදවත ස්පර්ශ කරනවා. එක තේරුමක් යොවුන් ප්‍රේමයක විරහව මහලු කාලයේ දැනෙන විදිහ ගැන කියවෙනවා. දෙවන තේරුම, ජීවිතයේ අපිට ගෙවන්න වෙන කම් කටොලු එක්ක ආදරය සෙමෙන් සෙමෙන් වියකි යන ආකාරය කියවෙන බවය් මගේ හැගීම. ගිමන් හරින දියඹ දිගේ,,, සුසුම් හෙලන වෙරළ ඉමේ,,, බැස යන හිරු අඩසි සඳට,,, රහස් කියනවා,,,,,, සඳ ආදරයෙන් අහස පුරා,,,, ර‍ටා මවනවා,,,,,,, මා පවුද්ගලිකව දන්නා දෙයක් තමා, අපි හැමෝම ආසය් තමන්ගේ පෙම්වතියගේ අතින් අල්ලාගෙන මුහුදු රැල්ල පාගන්න. මේ මහා මුහුද අපේ ජීවිත වල ගොඩාක් රහස් දන්නවා. 

එක්තරා අපුරු කරුණක් තමා, අපි ආදරය විදින්න යන්නෙත් මුහුදු වෙරළට, විරහව විදින්න යන්නෙත් මුහුදු වෙරළට. ඒ තරමටම මේ මහා මුහුද අපේ ජීවිත වලට සම්බන්දය්. මේ ගීතයේ පළමු කොටසින් කියවෙන විදිහට, මේ පෙම්වතා සහ පෙම්වතිය, තමන් තරුණ කලේ, මුහුදු වෙරළේ ඉඳන් ආදරය විදින්න ඇති. නමුත් මොනයම් හේතුවක් නිසා හෝ, දෙදෙනාට එකතු වෙන්න බැරි වෙලා තියනව.(පෙම්වතිය අකාලයේ මියගිහින් වෙන්න පුළුවන්.) දැන් මේ දෙදෙනා වයසට ගිහින්. දැන් ඒ පෙම්වතා මුහුදු වෙරළට ගියාම, ඔහුට ඔහුගේ අතීතය සිහි වෙනවා. එදා නව යොවුන් වියේ සිටි ඔහු අද මහල්ලෙක්. එදා පෙම් කරන්නට මුහුදු වෙරළට පැමිණි ඔහු, අද ජීවිතයේ සැන්දේ සමයේ ගිමන් හරින්නට වෙරළේට පැමිනිල. 

හිරු බැසයන විට මැවෙන ඒ සුන්දර පරිසරය අද ඔහුට පෙර දිනයේ සිද්දි දාමයක් නැවත සිහිපත් කරනවා. ඒ ඔහුට නැතිඋනු ආදරය, ඔහුගේ හිතට අපහු මතක් කරලා දෙන්න ඒ සුන්දර පරිසරය සමත් වෙනවා. හිත් දැහැනේ වේලි තිබුණු,,, නෙත් දැහැනේ ගලා හැලුණු,,, මියැදෙන්නට බලා ඉඳපු,,, ආදරයද මේ,,,,,, හිරු රහසේ කියා දුන්නු,,, ආදරයද මේ,,,, අද මහල්ලෙක් ලෙස ජීවත් වන මොහුට, ඔහුගේ නැතිඋනු ආදරය ගැන දුකක් හිතේ ඇති වෙලා නැහැ. ඔහු ඒ දිහා බලන්නේ උපේක්ෂාවෙන්. ඔහුට මතක් වෙනවා, ඔහුගේ හිතේ කෙතරම් ගැඹුරටම ඒ ආදරය පැතිරිලා තිබුනද කියල., ඒ ආදරය නැති උණු වෙලාවේ මුහුද දිහා බලන් කදුළු හෙලපු ආකාරය, ආපහු ඒ ආදරය ලැබෙන්නේ නැ කියල, ඒ ආදරය හිතෙන නැති වෙලා යය කියල තමන් විශ්වාස කරපු. ඒ ආදරය ආපහු මොහුට මතක් වෙනවා. හැබැය් එදා ඔහු ආදරය දිහා බලපු විදිහට නෙවේ අද ඔහු ආදරය දිහා බලන්නේ. ඔහුට විශ්වාස නැ, ඔහු ඒ අමතක කරපු ආදරයද මේ අපහු ඔහුට මතකයට එන්නේ කියල. නිල් කටරොළු නිල නැහැවුනු,,, මල් බර මුදු සුව ‍රැඳවුන,,, තොල් පෙති කන් පලදාලන,,, ආදරයද මේ,,,,,, නුඹ රහසේ කියාදුන්නු,,, ආදරයද මේ,,,,,, මේ කොටසින් ආදරයේ විසිතුරු බව මෙන්ම පෙම්වතියට පොඩි දෝෂාරෝපනයකුත් එල්ල කරනවා. මලක් වගේ , සියුමැලි මෙන්ම සුවදවත්ව ඔහුට දැනුන ආදරය අද ඔහු ළඟ නැ. ඇයගේ තොල් පෙති ඔහුගේ කන්මුල රන්දුනු ආකාරය ඔහුට මතක් වෙනවා. මට හිතෙන විදිහට ඔහුට මතක් වෙන්නේ ඔහුගේ පළමු ආදරය. එකය් ඔහු "නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ" කියල අහන්නේ. ඔබමය් මට ආදරය කියල දුන්නේ, එත් අද ඔබ මගේ ළඟ නැ.
Wednesday, 1 March 2017

ඔබ හා සමඟ ගත කල ඒ සොඳුරු නිමේශ. (Violin Cover of the song Pudhu Vellai Mazhai/Yeh Haseen Vadiya)




මනිරත්නම් සොඳුරු නිර්මාණවේදියාගේ අග්‍රගන්‍ය සිනමා නිර්මාණයක් වන රෝජා චිත්‍රපටයේ යේ හසී වාදියා ගීතය මගේ වයලීනයේ හඬින්. මෙම නිර්මාණය සඳහා මනිරත්නම් හට සත්‍ය වශයෙන් සිදු උන සිද්ධියක් මුල් වී ඇත. කාශ්මීරයේ ශ්‍රිනගර් වෙත ගිය ඉංජිනේරුවෙකු ත්‍රස්තවාදීන් විසින් පැහැර ගන්නා ලදී එහිදී ඔහුගේ බිරිඳ ත්‍ත්‍රස්තවාදීන් හට ලිපියක් ලියමින් පවසා සිටින්නේ ඔහුව නිදහස් කරන ලෙසයි. මේ සංසිද්ධිය මුල් වී මනිරත්නම් විසින් මේ චිත්‍රපටය මනරම්ව ප්‍රබලව නිර්මාණය කොට ඇත. තම විවාහ ජිවිතයහි ආරම්භයේම තම සැමියා පැහැර ගන්නා ලද අය ඔහු සමඟ ගත කල ඒ සොඳුරු නිමේශ මෙලෙසින් විදහා පා ඇත. 
If you are a river i ll be the sea if you are a bird i ll be the sky. 
Pudhu Vellai Mazhai song from the movie Roja . The inspiration for Roja came to Mani Ratnam from a real-life incident reported; an engineer was kidnapped when he had gone on a project to Srinagar, Kashmir, and his wife was fighting for his release. She had written an open letter to the terrorist, which says to a large extent, what Roja says in the film to Wasim Khan in jail. Her appeal was to the goodness of the terrorist. According to Ratnam, it was her plight that the film was based on. The rest of the screenplay in Roja was just building up towards this jail scene. This is the violin cover of the song Pudhu Vellai Mazhai/ Yeh Hassin Vadiya..
 
;